Wednesday, May 20, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ පලමු තරු 7 හෝටලය අවියානා සිලෝන් (Aviyana Ceylon)

ශ්‍රී ලංකාවේ පලමු තරු 7 හෝටලය අවියානා සිලෝන් (Aviyana Ceylon)

ශ්‍රී ලංකාවේ පලමු තරු 7 හෝටලය අවියානා සිලෝන් (Aviyana Ceylon) වශයෙන් නම් කිරීමට තීරණයකර ඇති බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අවියානා සිලෝන් (Aviyana Ceylon) සභාපතිවරයා මෙසේද පැවසුවා.ඇත්තටම මේ අවියානා කියලා කියන්නේ සාමය සිලොන් කියන නාමයයි. අවියානා කියන්නේ සාමයට එම නිසා අවියානා සිලෝන් වශයෙන් ශ්‍රී ලංකාවේ පලමු තරු 07 හෝටලය නම්කරනවා. මෙහිදී ආශ්‍රම් කියන කොටස අපි එකතු කරගන්නවා. මොකද අක්කර පහළොවක පමණ කොටස තියෙන්නෙ භාවනා කරන්න සහ හිතේ සතුට සමාධිගතකරන්න පුළුවන් එක අරමුණක තියාගෙන ගතකරන්න පුළුවන් ක්‍රමවේදයක් එතැන අපි හදල තියෙන්නෙ.එක කොටසක් සම්පූර්ණයෙන්ම විනෝදය සැපයීමේ උපරිම අවස්ථාවක් ලෙස සළකනවා. අපි හැම දෙයක්ම අංග සම්පූර්ණකරලා තියෙනවා ඒ සම්බන්ධව. අනිත් කොටස අපි සලකනවා භාවනා කරන්න සහ අධ්‍යාත්මික සුවය සඳහා විශේෂයෙන්ම තාවකාලිකව පැවිදිව ඉන්න පුළුවන් එකම හොටෙල් එක මේක. ඊළඟට මේ ස්ථානයට දිස්ත්‍රික්ක පහක් පේනවා ඉතාමත්ම ලස්සන තැනක්. දවසකට පස් පාරක් විතර කාලගුනය වෙනස් වෙනවා බලන්න පුලුවන්. ඒත් එක්කම බාහිර ශබ්දයක් ඇසෙන තැනකුත් නෙමෙයි. වටේම තියෙන්නේ බොහොම විචිත්‍රවත් ගස් වලින් සහ කඳුවලින් වටවෙලා.අපේ යුග තියෙනවනේ අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, ඒ යුග සඳහන් කරනකොට අපි දකින දෙයක් තමයි ඒ යුගයක යම් යම් නිර්මාණ දැකලා තියෙනවා. අපි අනුරාධපුරේ ගිහිල්ල ගත්තොත් මහමෙව්නාව රුවන්වැලි සෑය ගත්තාම ඒ යුගයේදී වෙච්ච ඒවා කතා කරනවා. ඒ යුගයේ කරපු නිර්මාණ ගැන කතා කළ යුතුයි. මිනිසුන් විසින් බැලිය යුතුයි. මිනිසුන් විසින් අගය කළ යුතුයි. නූතන යුගයේ සඳහා ඉදිකිරීමක් විදියට තමයි අවියානා දකින්න ලැබෙන්නේ. ඒ තරම් අපහසු ක්‍රියාවලියක් හැදුනට පස්සෙ ඒක හදන්න විඳපු වේදනාව කාටවත් දැනෙන්නෙ නෑ . එතකං ලබපු නින්දා අපහාස කාටවත් තේරෙන්නෙත් නෑ , එතකං වියදම් කරපු ගාන කාටවත් තේරෙන්නෙත් නෑ . එතකං අපි නිර්මාණය කරපු දේවල් කාටවත් තේරෙන්නෙත් නෑ . කිසිම දෙයක් කාටවත් තේරෙන්නේ නෑ. හැමෝටම දැනෙන්නේ මේකේ ෆයිනල් ප්‍රොඩක් එක විතරයි. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙත් මේ ප්‍රශ්නෙ තියෙනවා. හදලා ඉවර වුනහම හදලා ඉවර වෙච්ච එක ගැන තමයි කතා කරන්නේ. මේකේ වැඩ කරන සියළු දෙනාම සේවකයන් ඇතුළු සියලු දෙනාම මේක දකින්නේ ජාතික ව්‍යාපෘතියක් ලෙස. අපි රැකියාවට එන හැමෝටම කියන්නෙත් මේක රටට ජාතියට මෙහෙවරක් විදිහට සලකන්න කියලා. මෙතන වැඩ කරන සියලු දෙනාමත් අපිත් අපේ දිවි හිමියෙන් කැපවෙලා වැඩ කරනවා. අපේ කාලය මුදල් සමඟ අපි කාර්යයන් වල නිරත වෙලා ඉවරවෙනකොට රෑ දහයයි දොළහයි සමහරවිට අපි නුවර පාරේ අවුරුදු පහක් සෙනසුරාදා ඉරිදා හැමදාම අපේ වාහන දකින්න පුළුවන් එහාට මෙහාට යනවා. කිලෝමීටර් ලක්ෂ ගණන් අපි වාහන එළවලා තියෙනවා. මේ කැපවීම් කරේ අපේ රටේ මහජනතාවට යම්කිසි දෙයක් කරන්න. අපි විශ්වාස කරනවා දේශපාලඥයන්ම කරන්න ඕන නෑ රටක් දියුණු කරන්න කියන එක.විශේෂයෙන්ම කිව යුතුයි උදව් කරපු සෑහෙන පිරිසක් ආයෝජකයන් සෑහෙන පිරිසක් මේ වගේ ව්‍යාපෘතියක් ලංකාවේ පළවෙනි වතාවට හොඳින් අධ්‍යයනය කරලා තමන් මහන්සියෙන් උපයාගත්ත සල්ලි අපි ළඟ ආයෝජනය කරනකොට ඇතිවුනු විශ්වාස. ඒ විශ්වාසය අපි අදටත් රැකල තියනවා සහ ඒක අපි ඉදිරියටත් රකිනවා. මේ අතරතුර අපිට යම්කිසි වැඩිපුර ලාභයක් ලැබුණොත් ඒ ලාභයත් අපි ඒ අයත් අතර බෙදන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. සමහර ආයෝජකයින් එනකොට මේ ප්‍රොජෙක්ට් එකේ එක විලා එකක් විතරයි හදල තිබුණේ. පාර විතරයි හදල තිබුණේ. ඒගොල්ලෝ අපිට මුදල් ලබල දුන්න නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img