Thursday, September 10, 2026
HomeNEWSකටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි- නාමල්

කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි- නාමල්

කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි- නාමල් රාජපක්ෂ”අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා.” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අභාවප්‍රාප්ත හිටපු බන්ධනාගාර හා ප්‍රථිසංස්කරණ නියෝජ්‍යය අමාත්‍යය , හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී මුතුකුමාරණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණී අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ”ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා.ගම් වල අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ, ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා. ඩයස්පෝරාව ඔවුන්ට උදව් කරන්න ඇති, හැබැයි ගංවතුරින් අවතැන් වූ ජනතාවට උදව් කරාද කියලා අපි දන්නේ නෑ.අයි.එම්.එෆ් එකෙන් ලැබුනේ ණය, ඉතින් ඒවා මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් ගෙවන්න ඕන, ණය වලින් ආධාර දුන්නොත් ආර්ථිකයට ආදායමක් නෑ, මේ ණය ආයෝජනය කලොත් ආර්ථිකයට ආදායමක් තියෙනවා.අපි ණය අරන් ආයෝජනය කරපු අය, ණය අරන් කන්න බොන්න දීපු අය නෙමෙයි. හැබැයි මේ රටේ ගොවියාගේ ගොවි බිම සරුසාර කරලා, ධීවරයාගේ ආරාජපක්ෂට ශක්තිමත් කරලා ජනතාවට කන්න බොන්න පුලුවන් විදිහට ආර්ථිකයක් හදපු දේශපාලන බලවේගයක්, අපි ගත්ත ණය ආයෝජනය කලේ යටිතල පහසුකම් හදන්න, ඉතින් මම හිතනවා පළවැනිම දේ ආණ්ඩුව ගණනය කරලා තියෙනවාද මේ වෙච්ච පාඩුව? ආධාර ලැබෙනවා , මුදල් ලැබෙනවා.මේක ඇති ඒ හින්දා භය වෙන්න දෙයක් නෑ කියන ආණ්ඩුව වර්ථමානය වන විට ගණනය කරලා තියෙනවාද මේ ආපදාව නිසා ලංකාවට අත්වෙච්ච හානිය.ඉතින් එහෙම ගණනය නොකර කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි.”යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img