Tuesday, September 22, 2026
HomeNEWSකොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කර, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී.හේමචන්ද්‍ර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහුද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img