Tuesday, September 8, 2026
HomeNEWSකොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට ගනේතැන්නේ දී පස් කන්දක් කඩා වැටෙයි

කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට ගනේතැන්නේ දී පස් කන්දක් කඩා වැටෙයි

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර, තුවාල ලැබු තවත් සිවුදෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් තිබේ.එමෙන්ම වෙළඳසැලෙහි සිටි කිහිපදෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. හිඟුල ප්‍රදේශයට වඩාත් ආසන්න ප්‍රදේශයක මෙම අනතුරට ලක් වූ වෙළෙඳසැල හා ඊට යාබදව නිවසක්ද පිහිටා තිබූ බව වාර්තා වේ.එම ප්‍රදේශය තද බෑවුම් සහිත ස්ථානයක පිහිටා ඇති අතර, ඊට පිටුපසින් තිබූ පස් කන්දක් මෙලෙස කඩාවැටී තිබේ.සුන්බුන් අතර සිටිවී සිටින සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි වුණත්, කිහිපදෙනෙක් අනතුර පත්ව ඇති බව වාර්තා වේ.මෙම වෙළෙඳසැල කෙටි ආහාර අලෙවිකරන ස්ථානයක් වන අතර, ඒ හේතුවෙන් තේ පානය බොහෝ පිරිස් පැමිණෙන ස්ථානයක් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img