පුනරුද ආණ්ඩුවට තවත් නමක් දේදුණු සංස්කෘතියවංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි තේමාව යටතේ මහා ජන හඩ රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රඩාංගනයේ දී පවත්වන ලදී. එහිදි අදහස් දැක් වු නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ නිර්මල ථෙරවාදි බුදු දහම විනාශ කරමින් මාලිමා ආණ්ඩුවේ පාපිසි 159 දෙනා විසින් උත්සහා කරනුයේ දේදුණු සංස්කෘතිය ගොඩනැගීමට බවය. තවද නූතනයේ කාලිංඝ මාඝ මෙන්ම චේතිය රජු වු අනුර කුමාර ජනපතිතුමන්ට කියා සිටියේ බුදුන් තෙවරක් වැඩි මේ ලංකාද්වීපයයේ බුදු දහම ආරක්ෂා කිරීමට විදි විධාන යොදන ලෙසය.ජනාධිපතිතුමා අපිට කිව්වේ කෙදිරිගාන්න එපා කියලා. අද ජනාධිපතිතුමාටයි මාලිමාවේ පාපිසි 159 ටයි කෙදිරි ගෑවෙන්න නුගේගොඩට අතුරු සිදුරු නැතුව එඩිතර මැණිවරුන්,පියවරුණ්,සහෝදර සහෝදරවරුන් පීරි ඉතිරි ගොස් ඇත. අපේ හාමුදුරුවනේ මේ රටේ අනාධිමත් කාලයක් සිංහල , දෙමළ ,මුස්ලිම් මිනිස්සු එකට ජීවත් උනා. ඒක කිසි ආණ්ඩුවකට ප්‍රශ්නයක් උනේ නෑ. මිනිස්සු තමන් කැමති ආගමක් ඇදහුවා.ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මේක බුදු හාමුදරුවෝ තුන්වරක් වැඩම කරපු රට. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න රට,බුද්ධ ශරිරයෙන් 1/8 ක් ධාතු තියෙන රුවන් වැලි මහා මහා සෑය තියෙන රට.ඒ නිසා මේ බෞද්ධ රටේ මේ සම්බුද්ධ ශාසනයෙත් හිටපු හැම රජෙක්ම ,නායකයෙක්ම,පාලකයෙක්ම,රැක්කා විතරක් නෙමේ සුරක්ෂිත කර පෝෂණය කලා. ඒක කරන්නේ නැත්තේ මාලිමාවේ පාපිසි 159 විතරයි.මේ රටේ මනා සබ්‍යත්වයක් සංස්කෘතියක් ඉතිහාසයක් ගොඩ නැගුනේ ථේරවාදි නිර්මල බුදුදහම පදනම් කරගෙනය. ඒ නිසා මේ රටේ පහල උන හැම රජ කෙනෙක්ම හැම පාලකයෙක්ම,හැම නායකයෙක්ම මේ ථේරවාදි නිර්මල බුදු දහමත් ඒ වටා ගොඩ නැගුන මහා සංස්කෘතියත්,සබ්‍යත්වයත් රටත් දිවි හිමියෙන් රැක්කා .ඒක ඔවුන්ගේ ප්‍රධානතම වගකීම උනා. එදා මේ රටේ නිර්මල ථේරවාදි බුදු දහමත් මේ මහා සංස්කෘතියත් විනාශ කරන්න ඇස කැව්වේ කැස කැව්වේ කාලිංඝ මාග වැනි චෝල ,පාණ්ඩ්‍ය,කේරළ ආදි පෙරදිග ආක්‍රමනිකයන් පෘතුගිසි , ලන්දේසී,ඉංග්‍රීසි වැනි අපරදිග ආක්‍රමණිකයින් විතරයි. හැබැයි අද නිදහසින් 76 වසරකට පසු ථේරවාදි බුදු දහමත් සම්බුද්ධ ශාසනයත් විනාශ කරන්න හදන්නේ නුතන කාලිංඝ මාඝ අනුර කුමාර ප්‍රමුඛ පාපිසි ආණ්ඩුවේ පාපිසි කෑලි 159 කියලා අපි බොහොම වගකීමෙන් කියනවා. එදා අපි ආපු ඒ හැම බලවේගයක්ම පරාජය කලා. අද ඒ සියලු පෙර අපරදිග බලවේග වල සම්මිශ්‍රණයක් තමයි මාලිමාව. ඒ නිසා ව්‍යවස්ථාවේ මොනවා තිබුනත් 9 වගන්තියේ මොනවා තිබුනත් මේ පාපිසි වලට ඒවා අදාල නෑ. දැනටමත් ව්‍යවස්ථාවේ 9 වගන්තිය උල්ලංඝනය කරලා ඉවරයි. මතක තියාගන්න,මේ පාපිසි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටද බුදු දහමට හිමි ප්‍රමුඛස්තානය ඉවත් කරන්න වගන්නි එකතු කරලයි තියෙන්නේ.අපේ හාමුදුරුවනේ ,මේ පහර දෙන්නේ ථෙරවාදි නිර්මල බෞද්ධ සංස්කෘතියටයි.ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය හලනවා. මොකද ඔවුන්ගේ දේදුණු සංස්කෘතිය මේ මහපොලවේ පැල කරන්න නම් ථේරවාදි බෞද්ධ පදනම හා මේ සංස්කෘතිය විනාශ කරන්න ඕන. අද මේ නුතන කාලිංඝ ඇතුලු කණ්ඩායම කරන්නේ ඒක.පුනරුදය කියන්නේ වෙන මොනවවත් නෙමේ. මේ ථේරවාදි සංස්කෘතිය විනාශ කරල ගේන දේදුණු සංස්කෘතියට කියන තවත් නමක්.අද පියවරෙන් පියවර ඔවුන් ඒක කරන්න යනවා. දේදුණු සංස්කෘතියට ලංවෙනවා. අමාත්‍යාංශ බෙදද්දි බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කලා. අද බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නෑ. කියන්නේ වෙන මොකක්දෝ නමක්. ඒකට පත් කරලා තියෙනවා නියම පාපිස්සක්.මට අපේ රටේ නායක හාමුදුරුවරු කීප නමක් කිව්වා ඒ උන්නැහේ හාමුදුරුවන්ට වදිනවා නෙමෙයිලු ආයුබෝවන් කියනවලු. නල්ලමලේ අමත්‍යවරයා. බුද්ධ පුත්‍රයන් ඉදිරියේ කොන්ද නැමෙන් නැති පාපිස්සක් බුදු දහම කෙසේ ආරක්ෂා කරයිද? මේ ඊයේ පෙරේදා ඊට එහා ගිය බඩුවක් ගෙනත් දාලා. මිනිහා ආයුබෝවන් කියන්නෙත් නෑ.අපේ හාමුදුරුවන්ට අතට අත දෙනවලු. ඒ මුනීර් මොහොමඩ්. ඒ පාපිස්ස ගැන අපේ ඥාණසාර හාමුදුරුවෝ බරපතල අනාවරණයක් කලා. ඒ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් කියන අන්තවාදි සංවිධානයේ කෙනෙක් කියලා .අදටත් ඒකට උත්තරයක් නෑ. මිත්‍රවරුනි,මේක නල්ල මලේ නිරාගමික බඩු ටිකක් ඉන්න ආණ්ඩුවක්. මේ වනතෙක් නිරාගමිකයෝ හිටපු ආණ්ඩුවක් කවදාවත් ලංකාවේ තිබුනේ නැ. මේක පාර්ලිමේන්තුවේ සභානායක කන්ටේනර් පැන්නීමේ මගඩියේ මහ මොළකරු බිමල් රත්නායක කියනවා පිළිම වන්දනාව ග්‍රෝතිකයිලු. එයාට හරියන එයාගේම නෝනා සමන්මලි කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියලා. පන්සල් වලට දුන්න සිවිල් ආරක්ෂකයින් අයින් කලේ ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් විදහට. ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙක් කළු ඇදන් දළදා මාලිගාව වැන්දේ නෑ. මෙයා ඒකත් කලා. කළු ඇදගෙන නුවර ගියා විතරක් නෙමේ දිවුරුම් දීමේ උත්සවයේ ජයමංගල ගාථාත් අයින් කලා. මාස්පතා ගියත් බොරුවට මහා නායක හාමුදුරුවරු වැන්දට වැඩක් නෑ අනුර කුමාර මහත්තයෝ බුදු සසුනට කෙනෙහෙලි කම්කර කර.දැන් රාජ්‍ය ආයතන වල පන්සිල් ගන්න තහනම්. බොරලැස්ගමුව නගර සභාවේ අපේ ප්‍රධාන අනුශාසක සුමනධම්ම හාමුදුරුවෝ ඉන්නවා. අපේ හාමුදුරුවෝ පන්සිල් දෙන්න ඕන කිව්වම නගරාධිපති කියනවලු ඒක මාක්ස් වාදයට පටහැනිලු. කොහොමද ඒක? මේක මාක්ස්වාදී ආණ්ඩුවක්ද? බම්බුව…….මේක මාක්ස්වාදින් නෙමේ ලිබර්වාදීන් නෙමේ මේක නියම අවස්ථාවාදී ආණ්ඩුවක්.දෙහිවල නගර සභාවේ මන්ත්‍රී කාමරයේ තැන්පත් කර තිබු බුදු පිලීමය 2006 ඉදන් සභාවේ තිබ්බා. ඒ පිලිමය වඩම්මවපු දවසේ ඉදන් ඒකට වන්දනා මාන කිරීමට අවහ්‍ය තෙල් පහන්තිර හදුන්කූරු ගන්න සියලු මන්ත්‍රිවරුන් මුදල් දුන්නා. මුස්ලිම් දෙමල මන්ත්‍රිවරුන් හිටියා. මරීනා මන්ත්‍රීතුමිය ,ජෙෆ්රි මන්ත්‍රිතුමා එයාලා ඒක ප්‍රශ්නයක් කර ගත්තේ නෑ. හැබැයි මේ පාපිසි නගරාධිපතිතුමාට ඒක ප්‍රශ්නයක්. බුදු පිළිමය ගිහින් දැම්මා කම්කරුවන්ගේ කාමරයට. අපි නැවත ඒක තිබු තැනම තැන්පත් කලා. අපේ කාලිංඝ මාඝට ඒ බුදුපිලිමය ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න අමතක උනා. නැත්නම් කියයි අපේ හාමුදුරුවනේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බුදුපිලිමයෙන් කරදර නිසා ඒක වෙන කාමරයකට වැඩිය කියලා. වඩින එක වඩම්මන එක දන්නේ නැති නායකයෙක්. මිහින්තලේ නායක හාමුදුරුවන් කිව්වේ, බැදපු පිරිත් නුල වාහනේට නගින කොට ගලවලා දැම්මලු. එහෙම නිරාගමික නායකයෙක් අපිට සුද්දගේ කාලෙවත් ඉදලා නෑ.දැන් ලොකු අවුලක් අපේ හාමුදුරුවනේ ,බුදු පිලිමවලට ඔබ වහන්සේලාගෙන් ආරක්ෂා වෙන්න වඩින්න කියලා හිතුනොත් පොලිසි බුදුපිලිම වලින් ගොඩ ගැහෙයි. මරු බඩු ටික . දැන් සමාධි බුදු පිළිමයටයි,අවුකන බුදු පිලිමයටයි වෙනම කණ්ඩායමක් පැය 24 ම දාන්න වෙනවා. බැරි වෙලාවත් පොලිසි වලට වැඩියොත් හාමුදුරුවන්ගේ ඔලු පලලා,පහරදිලා, රකින බුදු පිලිමය මොකක්ද? අනන්ද විජේපාල හිතුවද දන් නෑ මෙතන කුඩු තියෙනවා කියලා? දැන් අපේ හාමුදුරුවනේ අපිට වෙලා තියෙන්නේ පේදුරු තුඩුවයි- දෙවුන්දර තුඩුවයි දක්වා බුදු පිලිම වහන්සේලා පාපසි වලින් රැක ගන්න.JVP හමුදාවට ථෙරවාදි බුදු දහමත් එක්ක ගැටලු තිබුනා. එදා 1988/89 කොටිකාවත්ත සද්දාතිස්ස හාමුදුරුවෝ ඇතුලු තරුණ හාමුදුරුවරු 700-800 බල්ලෝ බලල්ලු වගේ මැරුවා. විශාල පන්සල් ප්‍රමාණයක් පාලු උනා. අද ඒ උදවියබලය අරගෙන ශාසනයත්,සංස්කෘතියත් විනාශ කරන්න අවශ්‍ය වැඩ කරගෙන යනවා. රට රැකපුරණවිරුවෝ බොරු චෝදනා දාලා හිරේ. නිශාන්තඋළුගේ තැන්න මැතිතුමා දින 75 කට වැඩිය බොරු චෝදනා දාලා හිරේ තිබ්බා. ජීනිවා වලට ගිහින් රට පාවා දුන්නා. කිසිම කිසි පොරොන්දුවක් ඉටු කලෙ නෑ. කයියයි වෛරයයි විතරයි.ඒ නිසා අපි අනුරට කියනවා අපේ ගරුතර සංඝරත්නයෙන් කොටසක් මේ වැඩියේ අනුර ගෝගම හදන්න නෙමෙයි. ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මතක් කරලා දෙන්න. ඒ වගේම මේ රැස්වීමට බය වෙච්ච පාපිසි කෑලි වලට කියනවා ඒ ආතතිය ,ඒ බය තියාගන්න කියලා. සමන්ත විද්‍යාරත්නට අභියෝග කරනවා පුළුවන් නම් මේ වගේ 3 ගුණයක් සෙනග රැස්කරලා පෙන්නන්න කියලා. පොලිසියට නෙමේ පෑලියගොඩ දස්සා හෝ දෙහිවල ටෝනි හෝ පුවකදණ්ඩාවේ සනාට කියලා හරි කමක් නෑ. අවසාන වශයෙන් නුතන කාළිංඝ මාඝ වගේම පච චේතිය අනුරට අපි කියනවා ථේරවාදි බුදු දහමට හෝ මේ සංස්කෘතියට අත තියන එක නවත්වන්න. එහෙම නැතිවුනොත් හැංගෙන්න අපායකුත් ඔබට නැති වෙනවා කියලා අපි කියන්න කැමති
























