Sunday, September 20, 2026
HomeNEWSදරුවන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි කළ බවට Metaට එරෙහි ඓතිහාසික නඩුව ඇරඹේ.

දරුවන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි කළ බවට Metaට එරෙහි ඓතිහාසික නඩුව ඇරඹේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්හි මව් සමාගම වන Meta ආයතනයට එරෙහිව අමෙරිකාවේ පවරා ඇති ඓතිහාසික නඩු විභාගයක් ආරම්භ වී තිබේ.

කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි ප්‍රාන්ත විසින් මෙම නඩුව පවරා ඇති අතර, ඔවුන් චෝදනා කරන්නේ තරුණ පරිශීලකයන් සමාජ මාධ්‍ය වේදිකාවලට ඇබ්බැහි වන ආකාරයෙන් Meta සමාගම සිය නිෂ්පාදන හිතාමතාම නිර්මාණය කර ඇති බවයි.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයකදී විනිසුරු ය්වෝන් ගොන්සාලෙස් රොජර්ස් ඉදිරියේ නඩු විභාගය ආරම්භ වී ඇති අතර, එය සති කිහිපයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නඩුව සඳහා සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් පත් කර ඇති නමුත්, ඔවුන් උපදේශක භූමිකාවක් පමණක් ඉටු කරන අතර අවසන් තීන්දුව ලබාදීමේ බලය විනිසුරුවරිය සතු බව සඳහන් වේ.

කැලිෆෝනියා නියෝජ්‍ය නීතිපති මේගන් ඕ’නීල් නඩුවේ ආරම්භක කරුණු ඉදිරිපත් කරමින් චෝදනා කර ඇත්තේ, පරිශීලකයන් හැකිතාක් වැඩි කාලයක් සමාජ මාධ්‍ය වේදිකාවල රඳවා තබා ගැනීමටත්, ඔවුන්ගේ දත්ත එක්රැස් කිරීමටත් හැකි වන පරිදි Meta සමාගම සිය නිෂ්පාදන සැලසුම් කර ඇති බවයි.

එම ක්‍රමවේදය විශේෂයෙන්ම දරුවන් අතර සාර්ථක වී ඇති බවද ඇය සඳහන් කර තිබේ.

2023 වසරේදී දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රාන්ත 29ක් විසින් Meta සමාගමට එරෙහිව නඩු පවරා තිබුණි. ඉන් ප්‍රාන්ත 25කට අදාළ නඩු විභාග පසුව පැවැත්වීමට නියමිතය.

දරුවන් සහ තරුණයන් අතර වර්ධනය වෙමින් පවතින මානසික සෞඛ්‍ය අර්බුදයට Meta සමාගමේ ක්‍රියාකාරකම් දායක වී ඇති බවටද මෙම නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන්ම දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවන විශේෂාංග හිතාමතා නිර්මාණය කර ඇති බවත්, ඒවායින් සිදුවිය හැකි හානි පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් වසන් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ දත්ත එක්රැස් කිරීමෙන් Meta සමාගම ෆෙඩරල් නීති උල්ලංඝනය කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි ප්‍රාන්ත විසින් Meta සමාගමෙන් ඩොලර් බිලියන ගණනක වන්දි ඉල්ලා සිටින අතර, සමාගම සිය සමාජ මාධ්‍ය වේදිකා මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් මූලික වෙනස්කම් සිදු කළ යුතු බවද ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img