Saturday, October 31, 2026
HomeNEWS22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

එය ජාතික වැදගත්කමක් ඇති බැවින් මේ පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවද නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දැනුම්දී ඇත.

එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සහ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාස බවද සඳහන් කර තිබේ.‍

කෙසේ වෙතත්, අද දින පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත්, තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට කිසිදු උනන්දුවක් නොමැති බවත් පෙනී යනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දැනටමත් සිය දැඩි විරෝධය පළ කර තිබුණද, මෙම කරුණු පැහැදිලි කිරීමේ සැසිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව තම ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබුණු බව තම විශ්වාසය වන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img