වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් 73000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව අම්පාර, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 23377කට අයත් පුද්ගලයන් 73214 දෙනකු වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
තවද පීඩාවට පත් පවුල් 22983ක පුද්ගලයන් 71893 දෙනකුට පානීය ජලය බෙදාදීම සිදු කෙරෙන බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.






















