Friday, August 21, 2026
HomeNEWSඋතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කර ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි

ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ ලබා දෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබා ගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරු සහ උතුරු හා නැගෙනහිර පළාත්වල මහජන නියෝජිතයින්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්වරුද ඉඩම් කොමසාරිස් ජනරාල්, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී (82) නාවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාව ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගම බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇ:ඩො:94.18 දක්වා ඉහළට. WTI තෙල් මිල ඇ:ඩො:87.07 ක් ලෙස සටහන් වෙයි: විදෙස්...

හිටපු පා.ම ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img