Tuesday, September 8, 2026
HomeNEWSදේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්
ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ පූර් ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර් ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත් වූ කිරි ගොවීන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු විය.
මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්වීමට නියමිත මෙම කණ්ඩායමට මුළු දිවයිනම ආවරණය වන පරිදි කිරි ගොවීන් 19 දෙනෙකු ඇතුළත් වේ. කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සෘජු මැදිහත්වීම මත වසර 20කට පමණ පසුව ආරම්භ කෙරුණු මෙම පුහුණු වැඩසටහන යටතේ ඉන්දියාව බලා යන දෙවන කණ්ඩායම මෙයයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද කිරි ගොවීන් 19 දෙනෙකු සඳහා මෙම අවස්ථාව හිමි වූ අතර, ඉදිරියේදීත් තවත් කණ්ඩායම් කිහිපයකට මෙම පුහුණු අවස්ථා ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය එකඟතාව පළ කර ඇත.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (National Dairy Development Board – NDDB) මූලික කරගනිමින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ. මෙහිදී ලොව කිරි පිරිසැකසුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ‘අමුල්’ (Amul – GCMMF) සමාගමේ නිෂ්පාදන හා පාලන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට අගනා අවස්ථාවක් හිමි වේ.
තාක්ෂණය ඔස්සේ දෛනික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි නිෂ්පාදනවල අගය දාම සංවර් ධන(Value Chain Development), කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, දෙනුන් රෝගවලින් ආරක්ෂා කර ගැනීම සහ ගුණාත්මක පෝෂණ සත්කාර ලබා දීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මෙම වැඩසටහනින් ලබන අත්දැකීම් උපයෝගී කරගනිමින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, තම ප්‍රදේශවල අනෙකුත් ගොවීන් වෙත ඒ දැනුම බෙදා හරිමින් ග්‍රාමීය ආර් ථිකය බලගැන්වීමටත් මෙම ගොවි මහතුන් සහය වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට කෘෂිකර් ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර් ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා, අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්. ගුණරත්න මහත්මිය ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
කෘෂිකර් ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර් ග අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img