Friday, September 11, 2026
HomeNEWSපානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ

​අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් සෆාරි ජීප් රථ නැවතුම්පොළක්, විවේකාගාරයක් සහ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතය.

​මෙම යෝජිත සංවර්ධන ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

​අරුගම්බේ, පානම සහ කුමන වනෝද්‍යාන ප්‍රදේශයන්හි සංචාරයේ නිරත වන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු සහ පහසුකම් සැපයීම මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකෙරේ.

​මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img