Friday, September 11, 2026
HomeNEWSපුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට තුර්කියේ සහාය

පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට තුර්කියේ සහාය

තුර්කි අධ්‍යාපන ඇමති අමාත්‍ය විජිත හේරත් හමු වෙයි.පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහයෝගය පළ කරයි.ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සම සභාපතිත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය ගරු යූසුෆ් ටෙකින් (Yusuf Tekin) මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) පැවැත්විණි. වෙළඳ, අධ්‍යාපන, සංචාරක, තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රධාන අංශ හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාව මෑත කාලීනව අත්කරගෙන තිබෙන වේගවත් ආර්ථික ප්‍රගතිය, සුභදායී ව්‍යාපාරික පරිසරය සහ ශ්‍රී ලංකාව තුළ තුර්කි ආයෝජකයින්ට ලබා ගත හැකි විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව ද ගරු යූසුෆ් ටෙකින් මහතාගේ අවධානයට අමාත්‍ය විජිත හේරත් මහතා යොමු කළේ ය.මීට අමතරව කලාපීය සංවර්ධනය පිළිබඳව, ලොව පුරා ගැටුම්වලදී සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස තුර්කිය දරන උත්සාහයන් පිළිබඳව සහ අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගනු ලැබීය. මෙම හමුව ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් තහවුරු කළේ ය.සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img