තුර්කි අධ්‍යාපන ඇමති අමාත්‍ය විජිත හේරත් හමු වෙයි.පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහයෝගය පළ කරයි.ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සම සභාපතිත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය ගරු යූසුෆ් ටෙකින් (Yusuf Tekin) මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) පැවැත්විණි. වෙළඳ, අධ්‍යාපන, සංචාරක, තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රධාන අංශ හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාව මෑත කාලීනව අත්කරගෙන තිබෙන වේගවත් ආර්ථික ප්‍රගතිය, සුභදායී ව්‍යාපාරික පරිසරය සහ ශ්‍රී ලංකාව තුළ තුර්කි ආයෝජකයින්ට ලබා ගත හැකි විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව ද ගරු යූසුෆ් ටෙකින් මහතාගේ අවධානයට අමාත්‍ය විජිත හේරත් මහතා යොමු කළේ ය.මීට අමතරව කලාපීය සංවර්ධනය පිළිබඳව, ලොව පුරා ගැටුම්වලදී සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස තුර්කිය දරන උත්සාහයන් පිළිබඳව සහ අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගනු ලැබීය. මෙම හමුව ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් තහවුරු කළේ ය.සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk
























