Thursday, September 10, 2026
HomeNEWSපේරාදෙණිය සරසවි සිසුන් පිරිසකට බෝතල් ප්‍රහාරයක්.. තිදෙනෙකු රෝහලේ

පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකට බෝතල් ප්‍රහාරයක්.. තිදෙනෙකු රෝහලේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් හා ප්‍රදේශවාසි තරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවල ලත් සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර තිබේ.තුවාල ලබා රෝහල් ගත කළ සිසු පිරිස අතර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රජිත මලලසේකර සිසුවාද සිටින බව පොලිසිය පවසයි. මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා ඇතුළු සිසු සිසුවියන් අට දෙනකු සමග දිය නෑම සඳහා උඩ පේරාදෙNiයේ පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අයත් ඌරු කොටුව ආසන්නයේ ඇති දිය ඇල්ලක් වෙත පෙරේදා (16) පස්වරුවේ ගොස් ඇත.සිසු පිරිස දිය නාමින් සිටියදී ප්‍රදේශවාසී තරුණයින් සිව් දෙනකු එම ස්ථානයට පැමිණ විශ්වවිද්‍යාලීය සිසුවියන්ට උසුළු විසුළු කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම ගැටුම ආරම්භ වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.සිසුවියන්ගේ දැනුම් දීම මත පශු වෛද්‍ය පීඨයේ තවත් සිසුු පිරිසක්ද එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසී තරුණයින් සිව් දෙනා බිඳින ලද බෝතල් වලින් ඔවුන්ට පහර දී තිබෙන බව වාර්තාවේ.තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිසුන් තිදෙනා අතරින් බරපතළ කැපුම් තුවාල ලබා සිටි එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.එම සිසුවාගේ ශරීරයේ ස්ථාන ගණනාවක කැපුම් තුවාල සිදුව තිබීම හේතුවෙන් සැත්කමක් මගින් එම තුවාල වලට මැහුම් 37 ක් යෙදීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.පශු වෛද්‍ය පීඨයේ සිසුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කළ පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන තරුණයින් සිව් දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ වෙළෙඳාම් කරන්නන් බව පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශනසිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img