Sunday, September 6, 2026
HomeNEWSබන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිලිබද සාකච්ඡා කිරීම සඳහා ඊට අදාල සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව තිබේ.

මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වනදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැදවා තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසූවේ, බන්ධනාගාර රැඳවියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සදහානිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img