Sunday, September 20, 2026
HomeNEWSමත්තලට වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක්

මත්තලට වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.2013 වසරේ ගුවන්තොටුපොළ ආරම්භයෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව මෙය වන අතර, 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බව එම සමාගම සඳහන් කරයි.ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ දත්ත අනුව, 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇත.එමෙන්ම පසුගිය වසර තුන පුරා මත්තල ගුවන්තොටුපොළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙයි.නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපොළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙයි.අතීතයේදී මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත වනජීවී ගැටලු හේතුවෙන් ආරක්ෂක කරුණු මත ගුවන් සමාගම් මෙහි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබුණි. එම ගැටලු විසඳීමට නව රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේදී ගුවන්යානා පැමිණීමේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ විශ්වාසය පළ කරමින් 2025 වසර තුළ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන්සමාගම් කිහිපයක් මෙහි ගුවන් වාර ක්‍රියාත්මක කර ඇත.ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් හා පාකිස්තානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.එමෙන්ම බෙලරූස්හි මින්ස්ක් නගරයෙන් Belavia ගුවන් සේවය 2025 වසරේදී ප්‍රථමවරට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දේශීය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟා විය හැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහාද එය වැදගත් භූමිකාවක් ඉටු කරයි.එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින අධික තදබදයට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ උපායමාර්ගික වශයෙන්ද විශේෂ වැදගත්කමක් දරයි.මහජන මුදල් බිලියන ගණනක් වැය කර ඉදිකර අභාවයට යාමට ඉඩ හැර තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2025 වසරේදී වාර්තාගත ගුවන් මගී පැමිණීමක් වාර්තා කිරීම, ගුවන්තොටුපොළ පිළිබඳ නව බලාපොරොත්තු නංවන වැදගත් සන්ධිස්ථානයක් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img