Monday, September 21, 2026
HomeNEWSමන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් දියත් කෙරේ

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් දියත් කෙරේ

මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.

අමාත්‍යාංශය පැවසුවේ මීට ඉහතදී සිදුකරන ලද ගවේශණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී තිබුණු බවය.

සාපේකෂ වශයෙන් ගත් කළ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදු කර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදා වන බවත් දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පැවසීය.

මෙන්ම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම්වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img