හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර සමගි ජනබලවේගය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් වාර්තාවෙනවා.ඒ සම්බන්ධයෙන් ඊයේ (05)දින කොළඹ පිහිටි අවන්හලකදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බවයි වාර්තා වන්නේ.මනූෂ මෙසේ සාකච්ඡාකර ඇත්තේ සමගි ජනබලවේගයේ ප්‍රබලයෙකු මෙන්ම විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම කෙනෙකු සමග බවයි වාර්තාවන්නේ.ඉදිරි දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග සිදුකරනවා නම් එය කුමන ආකාරයෙන් වියයුතුද කියා එහිදී සාකච්ඡාවී තිබෙනවා.මේ පිළිබඳව මනූෂ ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවීද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවෙනවා.මීට පෙර සමගි ජනබලවේගය නියෝජනය කළ මනූෂ 2022 මැයි මාසයේ පැවති අරගලයෙන් පසුව ඇතිවූ දේශපාලන තත්ත්වයත් සමග ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළේය.දේශපාලන වශයෙන් රට අරාජික නොවී රට ස්ථාවර කිරීම සඳහා ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කළ බව ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේය.






















