Monday, September 21, 2026
HomeNEWSමාධ්‍ය සංදර්ශන විතරයි: චක්‍රලේඛ තාමත් නෑ

මාධ්‍ය සංදර්ශන විතරයි: චක්‍රලේඛ තාමත් නෑ

*විපතට පත් ජනතාවට සහන දෙනවා කියා මාධ්‍ය සංදර්ශන දැම්මට සහන දෙන්න ඔ්නි චක්‍රලේඛ ටිකවත් තවම නිකුත් කර නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ආපදාව නිර්මාණය වන්නට පෙරත් ආපදාව ක්‍රියාත්මක වන කාලයේ දීත් ආපදාවෙන් පසුවත් යන අවස්ථා 03 දීම ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතල අඩුපාඩුකම් ඌනතා හා විෂමතා දකින බවත් මේ වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන් පවා කිසිදු වැඩපිලිවෙළක් නොමැති බවට පවසන බවත් විවිධ සුදුසුකම් මත මූල්‍ය සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දී ඇති මුත් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් වැඩපිළිවෙළක් හා චක්‍රලේඛ නිකුත් කර නොමැති බවට ආපදා කළමනාකරණ සහන සේවකයන් කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදු වන්නේ නම් රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිට බවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළේ ප්‍රතිසංස්කරණයක් පරිවර්තනයක් හා නවීකරණයක් සිදුව සම්පත් ලැබිය යුතු බවත් එය නොවන්නේ නම් ඉදිරියේ දී ඇති වන ආපදාවල දී පවා සිදුවන්නේ මිනිස් ජීවිත සුරක්ෂා වීම නොව විපතට පත් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ජන ජීවිත විනාශ වීමක් නිසා මේ යල්පැනගිය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩපිළිවෙළ පසෙකලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොවන්නේ නම් රජය කරන්නේ ජනතාව ජිවත් කරවීමේ වැඩපිළිවෙළින් බැහැර වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුවෙන් දැවැන්ත විපතට පත් වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම උදෙසා හුස්ම ව්‍යාපෘතිය තුළින් ගම්පොළ රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහි දී Patient Monitor 5ක් සහ Syringe pump 2ක් පරිත්‍යාග කිරීම සිදු විය.*මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාවකාලිකව හිරකර ඇති ද කියා ගැටලුවක් ඇති බවත් ස්වාධීනව මාධ්‍ය ඉදිරියට යාමට තහංචි දමා ඇති බවත් නොවැම්බර් 11 වැනි දා සිට 26 වැනි දා දක්වා පුනපුනාම දින 15ක් මේ බරපතල අවදානම ගැන විවිධ අවස්ථාවල හෙළිදරව් කළත් ඒවාට අවධානය යොමු නොකළ බවත් හදිසි අවස්ථා තත්ත්වයක් ඇති කරන ලෙසට විපක්ෂය යෝජනා කළ අවස්ථාවේ එය ද ප්‍රතික්ෂේප කළ බවත් දැන් ආපදා කළමනාකරණ නිලධාරීන් පවා කනස්සල්ලෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*ආරක්ෂිතභාවය තහවුරු නොකර කදවුරුවල ජනතාව නැවත නිවෙස්වලට යොමු කරන්න එපා*කඳවුරුවල සිටින ජනතාවගේ ජනජීවිත සුරක්ෂා කරන්න රජයත් සියලු දෙනාත් කැපවිය යුතු බවත් මේ කඳවුරුවල සිටින ජනතාව අඩුවන බවට ලෝකයට පෙන්වන්න ඔවුන් නැවත නිවෙස්වලට යන්න කියන එක බරපතල තත්ත්වයක් බවත් ඔවුන් නිවෙස් අතහැර කඳවුරුවලට ආවේ අවදානම නිසා බවත් NBRO ආයතනයට තම කාර්යය ඉටු කරන්න ප්‍රමාණවත් නිලධාරීන් පවා නොමැති තත්ත්වයක් මත රජයට කඳවුරුවල සිටින අනාථ වූ ජනතාවට ජලය ගලපු ඉරිතලපු ගෙවල්වලට යන්න කිව නොහැකි බවත් මේ ජනතාවට ආරක්ෂිත ජීවිතයක් හා ආරක්ෂිත නිවසක් ඇති කර හොද ජිවනෝපායක් සඳහා සුදුසු ස්ථානයක් ලබා දීම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.*සහන සේවා කටයුතුවල නිරත වූ සියලු දෙනාට මාගේ ගෞරවය හිමි වෙනවා*පුනපුනාම ග්‍රාම නිලධාරීන් කරනා වටිනා සේවාව තවදුරටත් ප්‍රශස්ත ප්‍රබුද්ධ ආයතනයට ක්‍රියාත්මක කරන්න බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙසට ඉල්ලා සිටි බවත් ආර්ථික සංවර්ධන හා සමෘද්ධි ක්ෂේත්‍රයේ ද ගැටලු තිබුණත් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රය ත්‍රිවිද හමුදාව, රෝහල්, පොලිසිය සහ ස්වේච්ඡා සංවිධානවලට තමාගේ ගෞරවය පුදකර සිටින බවත් පරාර්ථකාමීව විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගෙන විපතට පත් ජනතාවට ලබා දෙන්න පරිශ්‍රමයක් දැරූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂයක් ලෙස අපි ජනතාවට උදව් කරනවා*විපක්ෂයක් ලෙස දැනුත් ජනතාවට උදව් කරන බවත් වැඩපිළිවෙළ සඳහා යම් යම් බාධා ඇති බවත් මේ ව්‍යුහාත්මක බාධා ඉවත් කර ගෙන රට ගැන සිතිය යුතු බවත් ලක්ෂ 220ක් ජනතාව සහ විපතට පත් ජනතාව ගැන සිතා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද පසෙකලා අවතැන් වූ ජනතාව විපතට පත් ජනතාව සුවපත් කරන්න සැපවත් කරන්න කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.NEWS CLIP 🧧 https://youtu.be/xA8J0YSyAcw?si=qca6h8x5a09PZZBx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img