Sunday, November 1, 2026
HomeNEWSතිස්සගේ ආරාධනාවකට රනිල්- සජිත් හමුවක්

තිස්සගේ ආරාධනාවකට රනිල්- සජිත් හමුවක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.මෙම හමුව සිදුවී ඇත්තේ පසුගියදා තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී.මෙම හමුව සිදුවීමට හේතු වී ඇත්තේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහ මංගල උත්සවයයි.මෙම විවාහ උත්සවයේදී මනාලියගේ පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස අත්සන් කළ අතර මනාලයාගේ පාර්ශවයෙන් අත්සන් කළේ රනිල් වික්‍රමසිංහයි.තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායකගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන අනෝජ් කුමාරගේ.විවාහයෙහි සාක්ෂියට අත්සන් කළ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර කතා බහක් සිදුවී නැතත් ඉතා කෙටියෙන් යම් අදහස් හුවමාරුවීමක් සිදු වුණා.සජිත් ප්‍රේමදාස පිටත්ව යාමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ විමසා ඇත්තේ ඩිනර් එකට එනවාද යනුවෙනි.සජිත් ප්‍රේමදාස එහිදී බලමු යනුවෙන් පිළිතුරු ලබා දී පිටත්ව ගොස් තිබෙනවා.විවාහ උත්සවයට කරූ ජයසූරිය, තලතා අතුකෝරාල, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියා .ඉන් අනතුරුව කොළඹ හෝටලයක පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පිරිසක්ද එක්ව තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img