Thursday, July 23, 2026
HomeNEWSපාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රු. 15000 කඩිනමින් ගෙවන ලෙසට ජනපතිගෙන් උපදෙස්

පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රු. 15000 කඩිනමින් ගෙවන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත්ඉඩ තබන්නේ නැහැආපදා තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වූ ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර සලාකයක්මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- ජනපතිධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා සථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය කෙරිණි.ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමු විය.යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 70කට නිවාස අහිමි වී තිබෙන අතර එම නිවාස ඉදිකරදීම සහ ඊට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ඒ සඳහා කමිටුවක් පත් කර ඉදිරි සති දෙක තුළ අදාළ ඉඩම් හදුනාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.මන්නාරම මූලික රෝහල ඇතුළු රෝහල්වල පහසුකම් පුළුල් කිරීම සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පාසල් දරුවන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලබා දෙන රුපියල් 15,000ක මුදල ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනමින් ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්යේ හානි වූ මහාමාර්ග සහ පාලම් ඉදිකිරීම, ජල සැපයුම සහ විදුලි සැපයුම යථාවත් කිරීම, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය , කෘෂිකර්ම, පශු සම්පත් ක්ෂේත්‍රයේ හානි සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ආරම්භ කිරීමට පසුබිම සකසාදීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේධනායකන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන්, එම්. ජෙගදීෂ්වරන්, ටී. රවිහරන්, සත්‍යලිංගම්, සෙල්වම් අඩෙයික්කලනාදන්, කාදර් මස්තාන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඩී. මුරුගේසන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ .කනගේස්වරන් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක් අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img