Sunday, November 1, 2026
HomeNEWSපාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රු. 15000 කඩිනමින් ගෙවන ලෙසට ජනපතිගෙන් උපදෙස්

පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රු. 15000 කඩිනමින් ගෙවන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත්ඉඩ තබන්නේ නැහැආපදා තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වූ ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර සලාකයක්මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- ජනපතිධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා සථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය කෙරිණි.ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමු විය.යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 70කට නිවාස අහිමි වී තිබෙන අතර එම නිවාස ඉදිකරදීම සහ ඊට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ඒ සඳහා කමිටුවක් පත් කර ඉදිරි සති දෙක තුළ අදාළ ඉඩම් හදුනාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.මන්නාරම මූලික රෝහල ඇතුළු රෝහල්වල පහසුකම් පුළුල් කිරීම සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පාසල් දරුවන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලබා දෙන රුපියල් 15,000ක මුදල ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනමින් ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්යේ හානි වූ මහාමාර්ග සහ පාලම් ඉදිකිරීම, ජල සැපයුම සහ විදුලි සැපයුම යථාවත් කිරීම, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය , කෘෂිකර්ම, පශු සම්පත් ක්ෂේත්‍රයේ හානි සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ආරම්භ කිරීමට පසුබිම සකසාදීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේධනායකන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන්, එම්. ජෙගදීෂ්වරන්, ටී. රවිහරන්, සත්‍යලිංගම්, සෙල්වම් අඩෙයික්කලනාදන්, කාදර් මස්තාන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඩී. මුරුගේසන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ .කනගේස්වරන් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක් අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img