Sunday, November 1, 2026
HomeNEWSඇළහැර අමුණ කඩිනමින් පිළිසකර කෙරේ

ඇළහැර අමුණ කඩිනමින් පිළිසකර කෙරේ

ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් ඇලහැර අමුණෙ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එම ප්‍රදේශයටඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජලාශ හා වාරිමාර්ග පද්ධතිවලට සිදුව ඇති හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අතර මහවැලි D කලාපයේ අත්තනකඩවල සහ බකමූන ප්‍රදේශවල ගොවි ජනතාවට කුඹුරු සඳහා ජලය සැපයූ ඇලහැර අමුණ කඩාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇත.කෙසේ වෙතත්, මෙම අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 150 දෙනකු, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් 100කට අධික පිරිසක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව වැඩකටයුතු සිදුකරමින් සිටී.එහි ප්‍රතිඵලයක් ලෙස, තවත් දින කිහිපයක් ඇතුළත මෙම ප්‍රදේශවලට අවශ්‍ය ජලය නැවත සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දින කිහිපයක් ඇතුළත යථා තත්වයට පත්කර මෙම කන්නයේදී හෙක්ටයාර 4200කට අධික කුඹුරු භූමි ප්‍රමාණයක් නැවත වගා කටයුතු සඳහා යොමු කළ හැකි වනු ඇත.මෙම කටයුතු පිළිබඳ සොයාබැලීමක් සිදුකිරීම සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ඊයේ (12) දින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img