Monday, September 21, 2026
HomeNEWSමුව දඩයමේ සැකකරුවන් ගිරානේගම පොලිසියෙන් දඹුල්ල පොලිසියට

මුව දඩයමේ සැකකරුවන් ගිරානේගම පොලිසියෙන් දඹුල්ල පොලිසියට

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.මෙම ප්‍රශ්නකිරීමේ දී තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3ක්ද පොලීසිය සිය භාරයට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. එම්. එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය.ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනාගෙන් සහ සිවිල් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී හෙළි වී ඇත්තේ, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මුව දඩයමේ පැමිණ ඇති බවය.එමෙන්ම ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු බව පවසා තිබේ.මුවදෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යාමටත්, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු නිසාත් ඔවුන් මෙම පොලිස් සැරයන් සහෝදරයාගේ සහාය පතා ඇත.ඒ අනුව අදාළ සහෝදර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් සැරයන්වරයකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩිතැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.මෙම සැකකරුවන් සිව්දෙනා ගිරානේගම පොලීසියේ රඳවා තබාගැනීමේ අවදානමක් පැවතීම නිසා ඔවුන් අද (26) අලුයම දඹුල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඇත.මේ අතර ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බව ප්‍රකාශ කරමින් මකුළුගස්වැව පොලීසියේ පොලිස් ජීප් රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.මුවදෙන ඝාතනය කර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් බව ද සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේය.අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අනවසර ගිනිඅවි ළඟ තබාගැනීම, රක්ෂිතයේ සිටි මුව දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම යන චෝදනා එල්ලකර ඇත.ඔවුන් අද දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img