කාම්බෝජ – තායිලන්ත දේශසීමාවේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල පලකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, අවිහිංසාවාදය,කරුණාව සහ සාමකාමී සහජීවනය කේන්ද්‍රකරගත් බුදුරජාණන් වහන්සේගේ ආකාලික ඉගැන්වීම් මගින් මඟ පෙන්වනු ලබන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නිරතවන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටින බවය.






















