Tuesday, September 8, 2026
HomeNEWSයුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට ලබා දෙන ආපදා ආධාර ප්‍රමාණය ඉහළ දමයි.

යුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට ලබා දෙන ආපදා ආධාර ප්‍රමාණය ඉහළ දමයි.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය (17)දා අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන රටවලට අයත් ආධාර රැගෙන එනු ලැබී ය.

ජර්මානු ආධාර ලෙස යුරෝ ලක්ෂ 05ක් වටිනා ආපදා ආධාර තොගයක් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ මානුෂීය ආධාර ලෙස කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට ඇතුළු ආධාර තොගය මෙලෙස අද රැගෙන එනු ලැබුණි.

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් (Sarah Hasselbarth) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් (Pierre Tripon) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img