Sunday, November 1, 2026
HomeNEWSජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්

ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ආධාරයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත මෙම ආධාර පිරිනැමුවා. මෙම ආධාර ලැබා ගැනීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ.දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව, යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු Akio Isomata මහතා විසින් පසුගිය දා නිල වශයෙන් මා වෙත භාර දෙන ලදී. ජපාන රජය මෙම ආධාර පරිනමනු ලැබුවේ ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යැවීම සහ ශ්‍රී ලංකාවට හදිසි සහන ද්‍රව්‍ය ප්‍රමාණයක් ද සැපයීමෙන් අනතුරුව වීමත් විශේෂත්වයක් ගනී. දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් මම ජපාන රජයට සහ ජපාන වැසියන්ට ස්තූතිවන්ත වෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img