Thursday, September 10, 2026
HomeNEWSජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්

ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ආධාරයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත මෙම ආධාර පිරිනැමුවා. මෙම ආධාර ලැබා ගැනීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ.දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව, යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ආධාරයක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු Akio Isomata මහතා විසින් පසුගිය දා නිල වශයෙන් මා වෙත භාර දෙන ලදී. ජපාන රජය මෙම ආධාර පරිනමනු ලැබුවේ ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යැවීම සහ ශ්‍රී ලංකාවට හදිසි සහන ද්‍රව්‍ය ප්‍රමාණයක් ද සැපයීමෙන් අනතුරුව වීමත් විශේෂත්වයක් ගනී. දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් මම ජපාන රජයට සහ ජපාන වැසියන්ට ස්තූතිවන්ත වෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img