Tuesday, September 22, 2026
HomeNEWSරියදුරන් 56න් 10ක් අයිස් ගංජා හෙරොයින් භාවිතා කරලා

රියදුරන් 56න් 10ක් අයිස් ගංජා හෙරොයින් භාවිතා කරලා

සුරක්‍ෂිත රිය ධාවනයක් සහ ප්‍රවාහනයේ ආරක්‍ෂාව වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර රිය ධාවනයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙලට අනූව කොළඹ බැස්ටියන් මාවතෙන් ආරම්භ කළ ජංගම රසායනාගර පරීක්‍ෂාවේදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ආනාවරණය වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.මෙම හඳුනාගත් 10 දෙනා අයිස්, හෙරොයින්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව මූලික මුත්‍රා සාම්පල පරීක්‍ෂාවේදී තහවුරු වූ අතර, ඒ මත ඔවුන් ඉදිරි නෛතික කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,‘පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ජනතා බදු මුදලින් නඩත්තු වන දේපළ මෙම රසායනාගාර පරීක්‍ෂාව සඳහා යොදවාගෙන ඊයේ දින (21) බස්නාහිර පළාතෙන් ආරම්භ කළා. මෙම වැඩසටහන මගින් පරීක්‍ෂා කළ පුද්ගලයින් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර තිබීම (Positive) විශාල ප්‍රතිශතයක් මෙන් ම එය සංකීර්ණ තත්ත්වයක්. මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට මගී ජනතාවගේත් බස් හිමියන්ගේත් සහය නිරන්තරයෙන් අවශ්‍යයි. බස් රථයක් ධාවනයේ දී රියදුරු මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි හැඟේනම් පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඒ ගැන දැනුම් දීමට මගියාට පූර්ණ අයිතියක් තිබෙනවා. එමෙන් ම බස් හිමියන් තම සේවකයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙමින් මතින් තොරව ඔවුන් විසින් රිය ධාවනය කිරීමේ වගකීම ගතයුතුයි. මෙම වැඩඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී විවිධ සන්නිවේදන ක්‍රමවේද භාවිත කරමින් රියදුරන් මාර්ග මඟහැර පරීක්‍ෂණවලට භාජනය වීමෙන් වැළකීමට උත්සාහ දැරීම නිරීක්‍ෂණය වුණා. ඒනිසා ජනතාව හා බස් හිමියන් වැඩි අවධානයෙන් පසුවෙමින් මෙම ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබාදීම අත්‍යවශ්‍යයි.බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම වැඩපිළිවෙල දිවයිනේ සෑම ප්‍රදේශයකම පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරනවා. වැටලීම් නිරන්තරයෙන් සිදු කරන අතරම වැටලීම් ප්‍රමාණාත්මකව වැඩි කිරීමට කටයුතු කරනවා. රිය අනතුරු වළක්වගන්න මාර්ග නීති අකුරටම ක්‍රියාත්ම කිරීම සඳහා ගෙනයන මෙම වැඩපිළිවෙලේදී මගී ජනතාවට යම් ප්‍රමාදයක් සිදුවේනම් ඒ පිළිබඳ කණගාටු වන අතර, ජීවිත හා දේපළ ආරක්‍ෂාව වෙනුවෙන් එම සුළු ප්‍රමාදයන් විඳ දරා ගැනීමට සියලු දෙනා කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img