Tuesday, September 22, 2026
HomeNEWSවිදුලි සේවක වෘත්තීය සමිති රැසක් හෙට විරෝධතාවක

විදුලි සේවක වෘත්තීය සමිති රැසක් හෙට විරෝධතාවක

යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර හෙට ආරම්භ කරන බවය.අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය. මේ අතර හෙට වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img