Friday, September 11, 2026
HomeNEWSවෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට...

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1,489 දෙනෙකු විදේශගත වී ඇති බව සඳහන් වේ.

මේ අතර, සමස්තයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 2,500කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවය අතහැර විදේශගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1,200කට වැඩි බවටද ගණන් බලා තිබේ. තවත් වෛද්‍යවරුන් 2,000කට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර, පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී, නැවත සේවයට පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 514 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img