Sunday, September 20, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

“ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි.”
සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්.

ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike) මහත්මිය (අගෝ. 10)
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවති මෙම හමුවේ දී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ රෝසමන්ඩ් මහත්මිය විමසූ අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන මෙම කාර්යභාරය පිළිබඳව සිය ප්‍රසාදයද පළ කළාය.

දැනට ලංකාවේ බිම්බෝම්බ සහිතව තිබූ ප්‍රදේශවලින් 90%ක්ම සාර්ථකව නිදහස් කර අවසන්ය.
ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන අතර ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුවලත් සෙබළුන් 500 දෙනෙකු මේ සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර, අනෙකුත් අංශ හැරුණුවිට යුද හමුදා නිලධාරීන් පමණක් වසරකට වර්ග කිලෝමීටර 1.5ක් නිදහස් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

මේ සඳහා රජය විසින් වෙන්කරන මුදල් ප්‍රමාණය පසු ගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි කර ඇත.

මෙය හුදෙක් බිම්බෝම්බ ඉවත් කිරීමක් පමණක් නොව, උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරමින්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර විශ්වාසය ගොඩනගන උතුම් ජාතික මෙහෙයුමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img