Tuesday, September 8, 2026
HomeNEWSශ්‍රී ලංකාව පරදා පාකිස්ථානයට තියුණු ජයක්

ශ්‍රී ලංකාව පරදා පාකිස්ථානයට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 6කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රි(11) සමත් විය.පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 6කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වුණි.පාකිස්තා මුල් කඩුලු 4 ලකුණු 95ක් තුල දැවී ගියත් 5වැනි කඩුල්ලට ලකුණු 138 සබඳතාවක් ගොඩ නගන්නට සල්මන් අගා සහ හුසේන් තලාත් සමත් විය.එම සබඳතාව බිඳ වැටුණේ හුසේන් තලාත් ලකුණු 62කට දැවී යාමත් සමඟය.ඒ අතර වාරයේදී සිය එක්දින දිවියේ දෙවැනි ශතකය රැස්කිරීමට සල්මන් අගා සමත් විය.6 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 66ක සබඳතාවක් එක්කල සල්මන් අගා සහ මොහොමඩ් නවාස් පාකිස්තාන ලකුණු පුවරුව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලෙස සටහන් විය.සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අගා නොදැවී ලකුණු 105යි.පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.ලකුණු 300ක ලකුණු පුවරුවක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාරයි.කමිල් මිෂාර ලකුණු 38කට දැවී යද්දී කුසල් මෙන්ඩිස්ව ලකුණු නොලබා නැවත විවේකාගාරය වෙත හරවා යවන්නට හැරිස් රවුෆ් සමත් වුණා.පැතුම් නිස්සංකට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 29ක් පමණි.සදීර සමරවික්‍රම ලකුණු 39ක් රැස්කළ අතර කමිල් මිෂාරා ලකුණු 38ක් රැස්කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නියමි පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 293ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img