Friday, September 11, 2026
HomeNEWSශ්‍රී ලාංකික සිසුන්ට වැඩිපුර ශිෂ්‍යත්ව පිරිනමන බවට මලක්කාවෙන් ඇමති විජිතට සහතිකයක්

ශ්‍රී ලාංකික සිසුන්ට වැඩිපුර ශිෂ්‍යත්ව පිරිනමන බවට මලක්කාවෙන් ඇමති විජිතට සහතිකයක්

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මලක්කා ආණ්ඩුකාරවරයා හමුවෙයි2025 ජූලි 14විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා මැලේසියාවට කළ සංචාරය අතරතුර, මලක්කා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගරු ටුන් මොහොමඩ් අලි රුස්ටම් (Tun Mohd Ali Rustam) මහතා හමුවිය.මෙම හමුවේ දී, මලක්කාවේ ආණ්ඩාකාරවරයා සහ මලක්කා ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් මිත්‍රශීලි සහයෝගය වෙනුවෙන්, විශේෂයෙන් 2004 සුනාමියෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා නිවාස ව්‍යාපෘතියක් ඇතුළුව රෝහලක් ඉදිකිරීම සඳහා කළ ඉඩම් පරිත්‍යාගය සම්බන්ධයෙන්, අමාත්‍ය විජිත හේරත් මහතා කෘතඥතාව පළ කළේය.ජාත්‍යන්තර සිසුන් සඳහා තම පදනමින් ප්‍රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමට ආණ්ඩුකාරවරයා එකඟතාව පළ කළේ ය.ශ්‍රී ලංකාව සහ මලක්කාව අතර තිබෙන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා උපයෝගී කර ගනිමින් සංචාරක අංශයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම ඵලදායී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාව සහ මලක්කාව සංචාරක ගමනාන්ත දෙකක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය සංචාරක හුවමාරු සහ ඒකාබද්ධ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.මලක්කාව ශ්‍රී ලංකාව සමඟ පවත්වා ඇති ශක්තිමත් බැඳීම ආණ්ඩුකාර අලි රුස්ටම් මහතා නැවත තහවුරු කළ අතර මෙම දිගුකාලීන සම්බන්ධතාවය තවදුරටත් පවත්වා ගැනීමට සහ පෝෂණය කිරීමට තමා කැපවී සිටින බව ප්‍රකාශ කළේය. මීට අමතරව අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img