Friday, May 22, 2026
HomeNEWSවත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ට දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ට දඩ

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසු දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.එම කොමිෂන් සභාව පවසන්නේ තවත් විශාල පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට නියමිතව ඇති අතර හෙට (15) දිනයෙන් පසු එම ප්‍රකාශ ලබාදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙලෙස දඩ අය කර ගැනීමට පියවර ගෙන ඇති බවය.මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති අතර දඩ ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කරන බව එම කොමිසම පවසයි.ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රජයේ නිලධාරීන්ගෙන් සිය වැටුපෙන් අද දිනයෙන් පසු ප්‍රමාද වන දින සඳහා දඩ අයකර ගැනීමට නියමිතය.2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව 2025 වර්ෂය සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීමේදී මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතිය බලාත්මකභාවයට එළැඹෙන තෙක් වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.පසුගිය ජුනි මස 30 වන දිනට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ ලබා දීම සඳහා තවත් සති 02ක සහන කාලයක් හිමි වූ අතර එම කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් නිලධාරීන්ට අවවාද ලිපි නිකුත් කරනු ලබන බව කොමිසම පවසයි.අදාළ සහන කාලය අද දිනයෙන් අවසන් වන අතර මේ වනවිටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට යොමු කළ යුතු බව සඳහන්ය.ඒ අනුව එම නිලධාරීන්ගෙන් නව දූෂණ විරෝධී පතන ප්‍රකාරව දඩ අය කර ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img