Friday, September 11, 2026
HomeNEWSසංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් – අමාත්‍ය විජිත හේරත්

​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු නිරාකරණය කිරීම සහ විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා වැඩි කුසලතාපූර්ණ ශ්‍රමිකයින් ප්‍රමාණයක් බිහිකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (08/01) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, අම්පාර දිස්ත්‍රික් ලේකම් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

​එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ වාර්ෂිකව මිලියන පහක සංචාරක ඉලක්කය සපුරාගැනීම පහසු කිරීම සඳහා, අමාත්‍යාංශය හරහා මුදල් වෙන්කිරීමේ පැවති ක්‍රමය වෙනුවට 2027 වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා සෘජුවම දිස්ත්‍රික්කය වෙත අරමුදල් වෙන්කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය ආයතන, වනජීවී, පුරාවිද්‍යා හා පොලිසිය ඇතුළත් අනුකමිටුවක් පත්කර මාස දෙකකට වරක් රැස්වන ලෙස උපදෙස් ලබාදී තිබේ.

​දිස්ත්‍රික් යටිතල පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ‘ආරුගම්බේ සන්සෙට් වීව්’ (Sunset View) ස්ථානය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 173 ක මුදලක් වෙන් කර ඇති අතර, අභාවයට යමින් පවතින රජයේ විශ්‍රාම නිකේතන (Circuit Bungalows) පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහිතව (Public-Private Partnership) සංචාරක හෝටල් ලෙස පවත්වාගෙන යාමටද තීන්දු කෙරිණි. මීට අමතරව නැගෙනහිර පළාතේ ඉඩම් ප්‍රශ්න නිරවුල් කිරීමටත්, වෙරළ තීරයේ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කර සංවර්ධනයට යෙදවීමටත් විශේෂ කැබිනට් කමිටුවක් පත් කර ඇත.

​විදේශ රැකියා හා මානව සම්පත් සංවර්ධනය උදෙසා අම්පාර දිස්ත්‍රික්කයෙන් විදේශගත වන ශ්‍රමිකයින්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලබන වසරේදී අම්පාරේ ස්ථාපිත කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා හෝටල් පාසල (SLITHM) සහ සමෘද්ධි අමාත්‍යාංශය එක්ව අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණයින්ට නොමිලේ සංචාරක ක්ෂේත්‍රයේ පාඨමාලා ලබාදී රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය අම්පාරෙන් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img