Thursday, September 24, 2026
HomeNEWSසංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බවය.

අදාල සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය පහසුකම් නිරන්තර සපයන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් එම ගැසට් නිවේදනය මේ වන විට අවසන් අදියරේ පවතින බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,

“විශේෂයෙන් කියන්න ඕනේ දළදා පෙරහැරට හෝ වෙනත් ආගමික කටයුතුවලට අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කිසිදු ආකාරයෙන් ලබා නොදීමේ තීරණයක රජය නෑ ඒ වෙනුවෙන් අදාළ පහසුකම් රජය සපයනවා. රජය තීරණය කෙරුවා විශේෂයෙන් සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව මේ සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම, ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඒ පිරිස මේ වන විට එය සකසමින් තිබෙනවා. එය අවසාන අදියරේ තිබෙනවා විශේෂයෙන් පෙරහැරවල් සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img