Saturday, October 31, 2026
HomeNEWSමීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි.

එහිදී ජීවිතක්ෂයට පත් වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් එම නිලධාරීන්ගේ ඥාතීන්ට හා දූ දරුවන්ට පිරිනැමීම සිදුවිය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අතරතුරදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව ඔවුන්ගේ ඥාතීන්ට ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීම අද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා පැවසුවේ මෙවැනි අනපේක්ෂිත අවස්ථාවකදී රක්ෂණ භාර අරමුදල විසින් ඔවුන්ගේ සියලුම තොරතුරු ලබා ගැනීමකින් තොරව මෙම අවස්ථාවට මුහුණ දුන් බන්ධනාගාර නිලධාරීන් වෙත මෙම වන්දි මුදල් ඉතා ඉක්මනින් සහ කඩිනමින් ගෙවීමට තීරණය කළ බවය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පැවසුවේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා වන්දි මුදල් පමණක් නොව තවත් සහන රැසක් ලබා දීමේ වැඩපිළිවෙළක් බන්ධානාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img