Friday, October 30, 2026
HomeNEWSප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

ප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක් මෙන්ම ප්‍රවීණ සිනමා නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වන ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා ඊයේ (20) උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් විසින් තලංගම පොලිසියට දැනුම් දී තිබේ.

පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු නිදි යහන මතම මියගොස් සිටි බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට නියමිත බව තලංගම පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img