Friday, August 21, 2026
HomeNEWSප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

ප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක් මෙන්ම ප්‍රවීණ සිනමා නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වන ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා ඊයේ (20) උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් විසින් තලංගම පොලිසියට දැනුම් දී තිබේ.

පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු නිදි යහන මතම මියගොස් සිටි බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට නියමිත බව තලංගම පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img