එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද සිදුවුනා.එම හමුව පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ අපගේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පැවැත්වූ බවයි.






















