Monday, September 14, 2026
HomeNEWSසියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න

ජනපති

ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (11) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කාලසීමාව තුළ නිම කරමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් උරුම කර දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 2026 අයවැයෙන් සහ දිට්වා ආපදා තත්ත්වය හමුවේ වෙන් කෙරුණු රුපියල් බිලියන 402ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 4වන අදියර යටතේ යෝජිත කුරුණෑගල – ගලේවෙල මාර්ගයේ සහ රුවන්පුර අධිවේගී මාර්ගයේසැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම දක්වා කොටස සහ වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්, මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර – ගලගෙදර දක්වා කොටස ඇතුළු අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රවේශ සහ අන්තර් හුවමාරු සම්බන්ධතා පිළිබඳ මතුව ඇති ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්, කුරුණෑගල – ගලේවෙල මාර්ගය ඉදිකිරීමේදී වන්දි ලබා දීමේ ක්‍රියාවලියට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

බේස්ලයින් මාර්ගය කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සහ බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

දිවයින පුරා මහාමාර්ග නඩත්තු කිරීමේ වැඩසටහන පිළිබඳවද සාකච්ඡා වූ අතර මාර්ග වසර 10කින් අලුත්වැඩියා කළ යුතු වුවද, බොහෝ මාර්ග වසර 15කට වැඩි කාලයක් අලුත්වැඩියා නොකිරීම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයක් මතුව ඇති බව අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.එසේ වසර 15ක කාලයක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකළ මාර්ග (A සහ B) 130ක් පමණ ඇති බවට මෙහිදී කරුණු අනාවරණය විය.

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද මෙහිදී විමසා බැලුණු අතර දිට්වා ආපදා තත්ත්වය හමුවේ බදුල්ල – බිබිල මාර්ගයේ මතුව ඇති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් එම මාර්ගයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය සහ මාර්ගවල සහ නගරාශ්‍රිත වාහන තදබදය කළමනාකරණය කිරීමට සහ දැනට පවතින දත්ත පද්ධතිය නවීකරණය කිරීමට ක්‍රියාත්මක National Traffic Database ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මෙම ව්‍යාපෘතිය පොලිසිය, මාර්ග ආරක්ෂණ අංශ සහ මාර්ග කළමනාකරණ අංශ ඒකාබද්ධ වූ ස්මාර්ට් මාර්ග සංඥා සහ කැමරා පද්ධතියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ වැඩිදියුණු කිරීමට නියමිත අතර මාර්ග තදබදය පාලනය කිරීම සහ විනයගරුක මාර්ග සංස්කෘතියක් ඇති කිරීම එහි අරමුණයි.

දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් කෙරෙන මහජන අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අදාළව දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ක්‍රියාත්මක වීමේ ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලීය.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සහ කුඩා මාර්ග සංවර්ධනය කිරීමේ වගකීම අදියර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img