Tuesday, September 22, 2026
HomeNEWSහදවතේ තෙතමනය සහිත දරුවෙකු නිර්මාණය කරන්න- අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන්...

හදවතේ තෙතමනය සහිත දරුවෙකු නිර්මාණය කරන්න- අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්න*අස්ගිරි, මල්වතු උභය මහා විහාරික අනුනාහිමිවරුන් අගමැතිනියට පවසයිමොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දී සැළකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝසභාවේ ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කිරීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජුලි 31 පැවති සාකච්ඡාවකදී අනුනාහිමිවරුන් මේ බව පැවසූහ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙහිදී අනුශාසනා සිදු කළ අස්ගිරි මල්වතු උභය විහාරික අනුනාහිමිවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සාරධර්ම ඉගැන්වීම වැදගත් බවත්, වෘත්තීය වශයෙන් මෙන්ම මානූෂිය වශයෙන් දරුවන් තුළ වර්ධනය කළ යුතු අංශ පිලිබඳවත් අවධාරණය ක⁣ළහ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු වෙනස්කම් පිලිබඳවද මෙහිදී අදහස් පළ කළහ.අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රි උපාලි නායක ස්වාමීන්වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රි සරනංනකර විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය2025.08.01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img