Friday, May 22, 2026
HomeNEWSට්‍රිලියන ගණන් මුදල් තියනවායි කියන ආණ්ඩුවට පැල්වත්තයි, සෙවනගලයි රැකගන්න බැරිවී ඇති...

ට්‍රිලියන ගණන් මුදල් තියනවායි කියන ආණ්ඩුවට පැල්වත්තයි, සෙවනගලයි රැකගන්න බැරිවී ඇති බව විපක්ෂ නායක සජිත් කියයි

*පිටරට ගිහින් ත්‍රිලියන ගණන් මුදල් ඇතැයි කියන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පැල්වත්ත සහ සෙවනගල රැකගන්න බැරි වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*80 දශකයේ ආරම්භ වූ අප රටේ ජාතික සම්පත් දෙකක් වූ පැල්වත්ත සෙවනගල රාජ්‍ය ආයතන අද වන විට අන්ත පරිහානියට පත්වෙමින් ඇති බවත් පැල්වත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා මුහුණ දෙන බරපතල අර්බුධය ගැන රජයටත් ජනතාවටත් කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ලොකු හඬක් නැගූ බවත් අවසානයේ රජයේ පැල්වත්ත සහ සෙවනගල මුහුණ දී ඇති අර්බුධය විහිලුවට ලක් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ඡන්ද මධුරා රාමයේදී පැල්වත්ත සීනි සමාගම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පැවැති හමුවකදීය.*මේ රජය පුනපුනාම කරන්නේ බොරුව, රැවටිල්ල, ජනතාව මංමුලා කිරිම බවත් පසුගිය දිනක ජනාධිපතිවරයා පිටරට ගොස් රටක් ලෙස ත්‍රිලියනයක් ඉතිරි කර ආර්ථිකය ස්ථාවර වී ඇති බවට පවසන බවත් මිල මුදල් ඇති බවත් රටේ ආර්ථිකය ඉදිරියට ගොස් රාජ්‍ය අරමුදල් ඉතිරි වී නාස්තිය නතර වී ඇති බව පැවසුවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට පැල්වත්ත සහ සෙවනගල රැකගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*කියන තරම් සල්ලි තිබේ නම් ඇයි මේ ආයතන සුරකින්න බැරි*කියන තරම් මුදල් තිබේ නම් මාස ගණනක් නොගෙවපු අර්ථ සාධක ගෙවන්න නොහැකි වී ඇති බවත් ලක්ෂ 3240ක් පැල්වත්තේ පමණක් ගෙවීමට ඇති බවත් ලක්ෂ 230 මාස 3ක අධිභාරයක් සහ ලංකා බැංකුවට ලක්ෂ 15000ක් ණය බවත් තවත් ලක්ෂ 3000ක් ගෙන ඇති බවත් ගොවීන්ට පවා ලක්ෂ 3000ක් ගෙවීමට ඇති බවත් සැපයුම්කරුවන්ට පවා ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*ආණ්ඩුවේ කටින් කයිවාරු විතරයි*පැල්වත්ත සීනි සමාගමේ ගොවීන් 5700ක් ආර්ථික ශක්තියක් ලබන බවත් මොවුන්ට දෙන්න ඇති තෙල් පොහොර වගා ආධාර හරියට ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ල සිටින බවත් සේවකයන් 3795ක් සිටින බවත් ඔවුන්ගේ අර්ථ සාධක රජය ගෙවිය යුතු බවත් කටින් කයිවාරු නොගහ වැඩපිළිවෙළ මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් විය යුතු බවත් ලෝකේ වටේ සවාරි ගහමින් කයිවාරු ගැසුවාට ප්‍රමාණවත් නොවන බවත් මේ ආයතන රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රජය අයි.එම්.එෆ්. එකේ වහලෙකු වෙලා*සෙවනගල කර්මාන්තශාලාවද දැවැන්ත ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති බවත් ණය, අර්ථ සාධක ගෙවීමට නොහැකි වීම ආදියට මුහුණ දෙන බවත් රජයට ඇති මුදල්වලින් මේවා පියවිය යුතු බවත් 18% වැට් එක ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ස්ප්‍රීතු මිලදී ගන්න කිව්වත් රජය එය නොකරන බවත් එයට හේතුව රජය අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත්වී ඇති නිසා බවත් රජය බලයට ආවේ නව අයි.එම්.එෆ්. ගිවිසුමක් නිර්මාණය කරනවා යැයි වුවත් බලයට පැමිණි පසු පහුගිය රජයේ කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.*මේ රජය Fail*මේ නිසා අප රටේ දේශීය සීනි කර්මාන්තය විනාශ වෙමින් ඇති බවත් පැල්වත්ත සහ සෙවනගල විනාශ වෙමින් යන බවත් රජයට අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න කොන්දක් නොමැති බවත් මේ වැට් බදු ඉවත් කරන ලෙස යෝජනා කළත් රජයෙන් කිසිදු විසදුමක් නොමැති බවත් මේ ප්‍රදේශවල ජනතාවගේ අපේක්ෂා බිද වැටී ආර්ථිකය පවා කඩා වැටී ඇති බවත් ගොවියා රකිනවා දුප්පත්කම තුරන් කරනවා රාජ්‍ය ආයතන රකිනවා කියූ රජය අසමත් වී ඇති බවත් මේ අකාර්යක්ෂම දුර්වල පාලනය හරහා රාජ්‍ය ආයතන කඩන් වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.මේ සේවකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරන්න රජය සූදානම් නැතිනම් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/ThQnvYx-aAc?si=CpM1P7eYvF92yECs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img