Friday, May 22, 2026
HomeNEWSලෝක උරුම රැසකට මැදිවී නිර්මාණය වන මෙරට ප්‍රථම තරු 7 හෝටලයට ලෝකයේ...

ලෝක උරුම රැසකට මැදිවී නිර්මාණය වන මෙරට ප්‍රථම තරු 7 හෝටලයට ලෝකයේ වැඩි අවධානයක්..අමතන්න 0772400700 / 0770475180.

ලෝක උරුම රැසකට මැදිවී නිර්මාණය වන මෙරට ප්‍රථම තරු 7 හෝටලයට ලෝකයේ වැඩි අවධානයක් මේ වනවිට යොමු වී ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කරයි.මහනුවර තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉදිකෙරෙණ මෙරට ප්‍රථම තරු 7 හෝටල් ව්‍යාපෘතිය වටා ලෝක උරුමයන් කිහිපයක්ම පවතිනබව ඒ මහතා විසින් පෙන්වා දෙන ලදී.අවියානා හෝටල් සමූහයේ අවට පරිසරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා මෙසේද පැවසීය.“ඇත්තටම මේ අවට පරිසරය දිහා බැලුවාම උඩිස්පත්තුවට බොහොම කිට්ටුයි වික්ටෝරියා ජලාශය, වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගනය, එතකොට අපේ නුවර තියන පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය, බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන මහනුවර ශ්‍රී දළදා මාලිගාව, නකල්ස් කඳුවැටිය. අපි සලකනවා මේවා ලෝක උරුම හැටියට. ඉතින් මේ ලෝක උරුමවලට මැදිවෙලා වික්ටෝරියා ජලාශය, වික්ටෝරියා ක්‍රීඩාංගනය ඇතුළු විශාල ක්‍රියාකාරකම් රැසක් වෙන ප්‍රදේශයක් මේක. මෙම ප්‍රදේශය ඇත්ත වශයෙන්ම සංචාරකයන් සෑහෙන ප්‍රමාණයක් එන ප්‍රදේශයක්. හැබැයි දීර්ඝ කාලීනව මේ ප්‍රදේශය තුළ ඉතාම සුළු වශයෙන් සංචාර කර්මාන්තය ව්‍යාපෘතියක් තිබුණට විශාල ව්‍යාපෘතියක් සිද්ධ වෙලා තිබුණේ නැහැ . හැබැයි ඊට සුදුසු ඉඩකඩම් වාතාශ්‍රය සහ පරිසරය ඕනෑ තරම් තිබෙනවා. ඉතින් ඇත්තටම මම මේක ආරම්භ කළේ ලංකාවේ තවත් එක්තරා විදිහක සංචාරක කලාපයක් බිහි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඒකේ ප්‍රතිඵල දැන් අපිට ලැබීමෙන් පවතිනවා. පටන් ගත්තට පස්සේ මේ දක්වා කාලය තුළ සංචාරක නිකේතන ඉදිවෙමින් පවතිනවා. ඒක සතුටට කාරණයක්. ඇල්ලත් ඇත්තටම මේ විදිහට තිබුණු කලාපයක්. ඇල්ල වගේම මේ කලාපයත් යම් දවසක සංචාරකයන් ගැවසෙන ලෝකයට අපේ ප්‍රෞඪත්වය අපිට ලෝකයේ තියෙන අපේ ගාම්භීරත්වය මේ තියෙන ලස්සන ගෙනියන්න හොඳ ප්‍රදේශයක්. ඒ සේවාව මේ තුළින් ඉටුවේවි කියන බලාපොරොත්තුව තියෙනවා. ඇත්තටම පෙර කිව්වා වගේ මේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික වටිනාකම සහ අපේ අවසාන රජතුමා රාජසිංහ රජතුමා. එතුමා සම්බන්ධයෙන් බැඳුණු රසවත් ජනප්‍රවාද රාශියක් පවතිනවා. ඒ හා සම්බන්ධ ස්ථාන රාශියක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඖෂධ වර්ග, පිරිසිදු ජලය විශාල ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයට සුදුසු සම්පත් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තියෙනවා. එය තමයි මෙම ව්‍යාපෘතිය මෙම ප්‍රදේශයේ පටන්ගන්න ප්‍රධාන හේතුව වුණේ.” යනුවෙන්ද අවියානා සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට පහත දුරකථන අංකවලට අමතන්න 0772400700 / 0770475180.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img