Tuesday, September 8, 2026
HomeNEWSහිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි.

තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් ඇය මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දේශානි ගුණරත්න මහත්මිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා තණමල්විල පිහිටි නිවස වෙත රැගෙන යාමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img