Wednesday, September 23, 2026
HomeNEWSහිටපු ජනපති රනිල් දැඩිසත්කාර ඒකකයට

හිටපු ජනපති රනිල් දැඩිසත්කාර ඒකකයට

රක්ෂිත බන්ධනාගාරගතව සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හිටපු ජනපති , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට ස්වල්ප වේලාවකට පෙර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.එහි ප්‍රකාශයකු පැවසුවේ රනිල් වික්‍රමසිංහ රුධිර පීඩනය සහ සීනි මට්ටම් ඉහළ යාම, දැඩි වෙහෙස, තෙහට්ටු ගතිය හේතුවෙන් මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත මාරු කළ බවයි.රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් මට්ටමට පැමිණ නැති බව වාර්තා වේ.රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම මැගසින් බන්ධනාගාරයට ගෙන යන ලද අතර ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ ගොස් ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවල වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙස නිර්දේශ කරන ලදී.අද දහවල් වන විටත් ඔහුගේ රුධිර පීඩනය ඉහළ මට්ටමක පැවතින.පවතින තත්වය අනුව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත්තේ ඒ මහතා බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවන ලෙසයි.ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img