Tuesday, September 22, 2026
HomeNEWSහිටපු බන්ධනාගාර කොමසාරිස්ට ආණ්ඩුව සලකපු විදියට බන්ධනාගාර නිලධාරීන් බයවෙලා- දයාසිරි

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට ආණ්ඩුව සලකපු විදියට බන්ධනාගාර නිලධාරීන් බයවෙලා- දයාසිරි

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් සියලුම බන්ධනාගාර නිලධාරීන් බියට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පාලනය කිරීම සඳහා නිවැරදි උපදෙස් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා ක්‍රියා නොකළ බවයි.

එය බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශවලින් මුළු රටටම දැනගැනීමට හැකි වූ බවත් මේ නිසා මෙහි වගකීම අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කරලා සිරගත කළා මේ ආණ්ඩුව විසින්.
ආණ්ඩුවේ නොදැනුවත්කම සහ නොහැකියාව ඒ සිදුවීමෙන්ම හොඳින්ම පැහැදිලි වනවා.මේ ආණ්ඩුව වැඩක් කරන්න දන්නේ නැති බව හැම ක්ෂේත්‍රයකින්ම මේ වන විට ඔප්පු කරලා ඉවරයි. ඔවුන්ට ප්‍රායෝගිකව කිසිදු වැඩක් කරන්න බැහැ.
තුෂාර උපුල්දෙනිය මහතා වැඩ තහනම් කලාට පසු මේ වනතුරු නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරලා නැහැ. තවමත් ඉන්නේ වැඩ බලන කොමසාරිස්වරයෙක්.තුෂාර මහත්තයාට සිදු වූ ඉරණම දෙස බලලා වර්තමානයේ ඉන්න වැඩ බලන කොමසාරිස්වරයා හෝ බන්ධනාගාර නිලධාරීන් කිසිදු වගකීමක් ගන්නේ නැහැ.ඔවුන් කිසිදු තීන්දුවක් ගන්නේ නෑ. ඔවුන් ඉන්නේ බය වෙලා.මෙම ගැටුම පාලනය කිරීම සඳහා ගිණිඅවි භාවතා කිරීමේ හැකියාව තිබුණත් ඔවුන් එම තීන්දුව ගන්න බිය වුණා. එම නිලධාරීන් කෙලින්ම මාධ්‍යයට කිව්වා ඔවුන්ට ඉහළින් උපදෙස් ලැබුණේ නැහැ කියලා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ තමයි මේ වැඩි වුණේ කියලා එම නිලධාරීන් මාධ්‍යයට කිව්වා.
ඒක නිසා මිනිස් ජීවත තිහකට අධික සංඛ්‍යාවක් අහිමි වු සිද්ධියට වර්තමාන අධිකරණ ඇමතිවරයා සහ වර්තමාන ආණ්ඩුව අනිවාර්යෙන්ම වගකිවයුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img