Tuesday, September 8, 2026
HomeNEWSහෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ සිදු කර ඇත්තේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමකය.

“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී ඉරානයට ගාස්තු ගෙවනු ලබන නෞකා සිය භාරයට ගෙන්න ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නාවික හමුදාවට නියෝග කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

නීතිවිරෝධී ලෙස ඉරානයට ගාස්තු ගෙවන කිසිදු නෞකාවකට ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු අනතුරු අඟවා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img