Wednesday, November 11, 2026
HomeNEWSඅගමැතිට ලැබුණු ප්‍රතිචාරය

අගමැතිට ලැබුණු ප්‍රතිචාරය

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ බරපතළම අභියෝගය බවත්, සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීම යුගයේ අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉතාලියේදී ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමිනි.

දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ශාලාවෙන් පිටවයද්දී රැස්වී සිටි පිරිසෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී 20 අන්තර් ආගමික සංසදය ඉතාලියේ බොලොඤ්ඤාහිදී ඊයේ (12) ආරම්භ වුණි. 

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ආරම්භක සැසිය ඇමතීය.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ,

“ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබෙනවා. සාමය සහ ස්ථාවරත්වය ඇතිවන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලුදෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලින්. අතීතයෙන් හිමිවූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලාසිටින ආස්වාදජනක නව මායිම වෙත ළඟාවිය හැකියි.”

“අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතළම අභියෝගයයි. හරියටම මීට විසි වසරකට පෙර සිදු වූ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහිදී සිහිපත් කළ යුතුයි. වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වනවා.”

“මේ මොහොතේ ලෝකය අත්විදින බරපතළ සෞඛ්‍ය අර්බුදය, අප සියලුදෙනා එක්සත් කිරීමට උපකාරී වී තිබෙනවා. වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසාදැමීම සුදුසු වුවත්, හුදෙකලාවීම ඊට පිළිතුර නෙමෙයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබාගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.”

“කොවිඩ් -19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img