Wednesday, August 5, 2026
HomeNEWSඅගමැතිනිය චීනයට

අගමැතිනිය චීනයට

කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට දිවයිනෙන් පිටත්ව ගිය  අගමැතිනිය චීනයේ  බීජිං වෙත ළඟාවෙයි.*මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ඔක්තෝබර් 12) චීනයේ බීජිං වෙත පැමිණියාය. චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පිළිගනු ලැබිණි.මෙම සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්විය.  යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත  එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන   චීන මහා ප්‍රාකාරය, චීනයේ  සංරක්ෂිත සංකේත වේ.  ඉදිරි දිනවලදී, අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර චීන ජනාධිපති Xi Jinping  සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img