2023.06.06
සී.ඩී. වික්‍රමරත්න මහතා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ.
පොලිස්පතිතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමාගේ කීර්තිනාමයට සිදුකල හානියට අදාල යූ-ටියුබ් (You tube) නාලිකාවට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට එළැඹීම
එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය මෙවර තායිලන්තයේ අයුත්යා නුවරදී මැයි 31, ජූනි 01, 02 දිනවලදී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය (Key Note Speech) පැවැත්වීම සඳහා ගෞරවණීය ආරාධනය හිමිවුයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් වෙතයි. මෙම දූත මෙහෙවර සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් සමඟ ත්‍රෛයි නිකායික මහා සඟරුවන නියෝජනය කරමින් අනුනායක හිමිවරුන්ද, බුද්ධශාසන හා සංස්කෘතික ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක, ගරු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන අමාත්‍යවරුන්ගෙන්ද සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයට කිසිඳු වැය බරක් නොවන අයුරින් සහභාගි විය.
එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා සහභාගිවීමට ලද ඇරයුම, නිල සංචාරයක් බවට තායිලන්ත රජය සමඟ සාකච්ජා කොට පරිවර්ථනය කරගත් ගරු අග්‍රාමාත්‍යවරයා යෝජිත නිල සංචාරයේදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම වෙළඳ හා ආයෝජන ඇතුළු අවස්ථා රැසක් රටට ලබා ගැනීම සඳහා සාකච්ජා රැසකට මුල පිරීය. ඒ අතර මෙරටින් අපනයනය කෙරෙන මැණික් ගල් ඔප දැමීමට මෙන්ම අලෙවි කිරීම පිණිස තායිලන්තය තුල වෙළඳ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, දෙරට අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා වර්ධනය, එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ හරිත ආර්ථික ආයෝජන සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම ඇතුළු සාකච්ජා රැසක් විය.
මෙම නිල සංචාරයේදී තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජතුමා, ගරු තායිලන්ත අග්‍රාමාත්‍ය, ජනරාල් ප්‍රයුට් චාන් ඕ චා මැතිතුමා මෙන්ම එරට සඟරාජ මාහිමි හා කලාපීය රටවල මහ නාහිමිවරුන් ද හමුවූ ගරු අග්‍රාමාත්‍යවරයා තායිලන්තයේ ගත කල දින තුනක කාලය අතිශය කාර්ය බහුල කාල සටහනක රැඳී සිට ජූනි 03 දින යළි නැවතත් මෙරටට පැමිණියේ රට වෙනුවෙන් ආර්ථික, ආගමික හා සංස්කෘතික නව අවස්ථා හා ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින්, අර්බුද රැසකට මුහුණ දෙමින් යළි නැගී සිටින රටක් ලෙස එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය තුල ශ්‍රී ලංකාවට හිමිව තිබූ තත්ත්වය ද තවදුරටත් ජාත්‍යන්තරය තුළ ඉහල තලයකට පත් කර ගනිමිනි.
ඉතා කුඩා නිලධාරි කණ්ඩායමක් ද සමඟ එවන් මහඟු නිල මෙහෙවරක නිරතව අතිශය කාර්ය බහුල හා අවිවේකී දින තුනක් ගත කොට යලි මෙරටට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කොට ඉතා පහත් ලෙස මෙන්ම වෛරී සහ ද්වේශ සහගත ලෙස අදාල You tube නාලිකාව ඔස්සේ අතිශය සාවද්‍ය Video පටයක් සමාජ මාධ්‍ය තුලට මුදා හැර ඇත.
මාධ්‍ය නිදහස දැඩි ලෙස අවභාවිතා කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති මෙම වීඩියෝ පටය මඟින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ කීර්ති නාමයට හා චරිතයට බරපතල ලෙස හානියක් සිදු කොට ඇති බැවින් ඊට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.






















