අග්‍රාමාත්‍යතුමා අභයාරාම විහාරාධිපති නාහිමියන්ගේ සුවදුක් විමසයි
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනාහිමි බැහැ දැකීමට ඊයේ 2020.10.01 දින විහාරස්ථානයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.
රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.
විහාරස්ථානයට පැමිණි සැදැහැවතුන් හා දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යතුමා තමන් සමඟ ඡායාරූප ගැනීමට දරුවන්ට ඉඩ ලබා දුන්නේය.
මෙම අවස්ථාවේදී කුඩා දරුවෙක් ගරු අග්‍රමාත්‍යතුමා හමු වී තමන්ට නිවසක් නොමැති බව පවසා ලිපියක් ඉදිරිපත් කළේය.
පසුව දරුවාගේ මව කැඳවා නිවාස ගැටලුව විමසූ අග්‍රාමාත්‍යතුමා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හමු වන්නැයි උපදෙස් දී දරුවාට නිවසක් ලබා දීමට පොරොන්දු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරු හා සැදැහැවතුන් රැසක් එක්ව සිටියහ.






















